ලංකාවෙන් සාක් අරමුදලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 50 ක්

ශ්‍රී ලංකාවෙන් සාක් අරමුදලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 50ක්

by Staff writer 23-03-2020 | 7:16 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට අමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 වැනි ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේදී මෙම අරමුදල ස්ථාපනය කරනු ලැබූ බවයි.