පළමු කොරෝනා රෝගියා IDH රෝහලෙන් පිටව යයි

මෙරටදී තහවුරු කරගත් පළමු ලාංකික කොරෝනා රෝගියා සුවය ලබා IDH රෝහලෙන් පිටව යයි

by Staff writer 23-03-2020 | 4:03 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික පළමු කොරෝනා රෝගියා සුවය ලබා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් (IDH) පිටත්ව ගොස් තිබේ.

52 හැවිරිදි ඔහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරනු ලැබේ. පසුගිය 11 වැනිදා ඔහුට කොරෝනා අසාදනයවී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කෙරිණි. නිසි ප්‍රතිකාර වලින් පසුව සුව අතට පත් ඔහු අද අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් (IDH) පිටත්ව ගොස් තිබේ.