අධිවේගී මාර්ග ගැන දැනුම් දීමක්...

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ප්‍රදේශවල අධිවේගී මාර්ග විවෘත කෙරේ

by Staff writer 23-03-2020 | 11:05 AM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප්‍රදේශවල සාමාන්‍ය පරිදි අධිවේගී මාර්ගය භාවිත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ, අත්‍යවශ්‍ය කටයුතු සඳහා එම මාර්ග භාවිත කරන ලෙසය. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල අධිවේගී මාර්ගය භාවිත කළ හැකි වන්නේ, අත්‍යවශ්‍ය සේවා හා ඇඳිරි නීති බලපත්‍ර සහිත පුද්ගලයින් සඳහා පමණක් වන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ය.