COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එම දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත්වෙන බවයි.
එසේම අදාල දිස්ත්‍රික්කවලට 27 දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ඇති.
සෙසු දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ.
එය ලබන බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ඇති.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ඇති.
කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව රජය දැනුම් දෙන්නේය.
මේ අතර ඇඳිරි නිතිය ලිහිල් කල සීමාව තුළ නීරෝධායන ක්‍රියාවලියට බාධාවන අයුරින් කටයුතු කල පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා සෞඛ්‍ය උපදෙස් හා නිරෝධායන වැඩපිළිවෙළ උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නැයි වැඩබලන පොලිස්පතිවරාය උපදෙස් දී ඇති බවයි.
