Update: කොරෝනා ආසාදිතයින් ගණන 93 දක්වා ඉහළට

Update: කොරෝනා ආසාදිතයින් ගණන 93 දක්වා ඉහළට

by Staff writer 23-03-2020 | 10:20 PM

(News 1st)  UPDATE : (22.05| 23-03-2020) :- මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් ගණන 93 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

COLOMBO (News 1st) UPDATE : (18.00| 23-03-2020) :-  අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.