පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ අම්පාරේ පුද්ගලයෙක් රිමාන්ඩ්

by Staff writer 22-03-2020 | 9:06 AM

COLOMBO (News 1st) - ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අප්‍රේල් 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු පොලිස් ඇඳිරි නීතිය කඩ කරමින් මාර්ගයේ නිකරුණේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනිණි. පෙරේදා සවස 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 291 කි.