by Staff writer 22-03-2020 | 9:00 PM
COLOMBO ( News 1st ) - ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන කාලසීමාවේ නීති කැඩූ පුද්ගලයින් 790 දෙනෙකු අද පස්වරුව වනවිට අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් මූල්සථානය පැවසුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද ඇතුළු වාහන 154 ක් පොලීසිය භාරයට ගත් බවය.
කෑගල්ල, කළුගල්ල මාවතේ පිහිටි මත්පැන් අලෙවිසැලක් තුළ රැඳී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අද අත්අඩංගුවට ගැනිණි.
ඔවුන් හෙට කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේදී හැටන්, බගවන්තලාව ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගැරීම් සිදු කළ පුද්ගලයින් 8 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
බීමතින් ත්‍රීරෝද රථයක් ධාවනය කළ පුද්ගලයෙකු සහ එහි ගමන් ගත් පුදගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේදීය.
නාවලපිටිය, දොඹගස්තලාව ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් බෝතල් 68 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ එම පුද්ගලයාගේ නිවසේ රහස් කාමරයක් තුළ තිබී මෙම මත්පැන් තොගය සොයාගත් බවය.
මේ අතර ගාල්ල, මිදිගම වෙරළ තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටි විදේශිකයින් 10 දෙනෙකු පොලිස් භාරයට ගෙන පසුව මුදාහැර තිබේ.
ඔවුන් නෙදර්ලන්තය, රුසියාව සහ ආර්ජන්ටිනාවේ සිට මෙරටට පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
ඇඳිරි නීතිය පනවා තිබියදී පොතුවිල් මුහුදු මහා විහාරය ආසන්නයේ ඇති ඉඩම් අත්කර ගැනීමට පිරිසක් උත්සාහ දරා තිබේ.
අප වාර්තාකරු මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසුව ද ඊට පිළිතුරු නොදුන් බව ය.