දඹදිව සිට පැමිණි තව ත් 395 ක් නිරෝධායනයට

දඹදිව සිට පැමිණි තව ත් 395 ක් නිරෝධායනයට යොමු කෙරේ

by Staff writer 22-03-2020 | 8:33 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ, දඹදිව වන්දනාවේ නිරත වී සිට දිවයිනට පැමිණි තව ත් 395 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසූවේ, ඔවුන් යාපනය හා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි. ඉන්දියාවේ සිට ඊයේ රාත්‍රී පුද්ගලයින් 298 දෙනෙකු සහ අද අලුයම 97 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණි. දඹදිව වන්දනාවේ යෙදී සිටි සියලුම ශ්‍රී ලාංකික සැදැහැවතුන් මේ වනවිට දිවයිනට ගෙන්වා ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේය.