මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයක්

අප්‍රේල් 30න් පසු දින 14 ක් ඇතුළත මැතිවරණය පැවැත්වෙන දිනයක් නියම කරනවා - මැතිවරණ කොමිසම

by Staff writer 22-03-2020 | 12:03 PM

COLOMBO (News 1st) - ඉදිරි මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, අප්‍රේල් 30 න් පසු දින 14 ක් ඇතුළත මැතිවරණය පැවැත්වෙන දිනය නියම කෙරෙනු ඇති බවයි. මහ මැතිවරණය පැවැත්වෙන එම දිනය පසුව නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් ය. මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර මහින්ද දේශප්‍රිය මහතා පසුගිය දා පැවසුවේ රට තුළ පවතින කොරෝනා අවදානමත් සමග මැතිවරණය එදින පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.