"ඉන්ධන හිඟයක් නැහැ"

"අනිසි බියක් ඇති කර ගන්න එපා..! අවශ්‍ය තරම් ඉන්ධන අප සතුයි" - උවයිස් මොහොමඩ්

by Hashini De Mel 22-03-2020 | 2:16 PM

COLOMBO (News 1st) - අවශ්‍ය තරම් ඉන්ධන මේ වනවිට ගබඩා කර ඇති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් මහතා පවසයි.

ඔහු පවසන්නේ, ඒ හේතුවෙන් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි. තව ද මැයි මස 15 වන තෙක් නැව් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ, අද උදෑසන නිව්ස්ෆස්ට් විකාශය කළ COVID-19 විශේෂ වැඩසටහනට දුරකතනය ඔස්සේ අදහස් දක්වමිනි.