එංගලන්තයේ සිට පැමිණි කුමාර් සංගක්කාර ස්වයං නිරෝධායනයට

එංගලන්තයේ සිට පැමිණි කුමාර් සංගක්කාර ස්වයං නිරෝධායනයට

එංගලන්තයේ සිට පැමිණි කුමාර් සංගක්කාර ස්වයං නිරෝධායනයට

කර්තෘ Chathuranga Rajapaksha

22 Mar, 2020 | 3:44 pm

* රට වෙනුවෙන් අපි මේ ජාතික යුතුකම ඉටුකළ යුතුමයි – කුමාර් සංගක්කාර

COLOMBO (News 1st): නිරෝධායනයට බිය නොවන ලෙසත් රට මුහුණදී සිටින අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙය ජාතික යුතුකමක්, සමාජ වගකීමක් සේ සළකා කටයුතු කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය සතියේ එංගලන්තයේ සංචාරයක නිරතව දිවයිනට යළි පැමිණි බැවින්, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින බව කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද උදෑසන News 1st විකාශය කළ COVID-19 විශේෂ වැඩසටහනට දුරකතනය ඔස්සේ අදහස් දක්වමිනි.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි වහාම තමන් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වූ බවත් මේ වනවිට මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ තමන් ස්වයං නිරෝධායනය වන බව සංගක්කාර සඳහන් කළේය.

මෙම නිරෝධායන කාල සීමාව තුළ පවුලේ සාමාජිකයින්ගේ වෙන්වී තමන් කාලය ගත කරන බව ද කුමාර් සංගක්කාර පැවසීය.

ඔහු මහජනතාවගෙන් වැඩිදුරට ත් ඉල්ලා සිටියේය සෞඛ්‍ය අංශ පවසන පරිදි සබන් යොදා නිසි පරිදි අත් සේදීම, සමූහයක් වශයෙන් නොසිට හුදකලාව සිටීම වැනි උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස ය.

කුමාර් සංගක්කාර දුරකතනය ඔස්සේ දැක්වූ සම්පූර්ණ අදහස…

"මම දැන් ඉන්නේ නිරෝධායනය වෙලා හුදකලාව" – කුමාර් සංගක්කාර

"මම දැන් ඉන්නේ නිරෝධායනය වෙලා හුදකලාව" – කුමාර් සංගක්කාර #lka #News1st #SriLanka #Coronavirus #Covid19 #HS #KumarSangakkara

Posted by Newsfirst.lk on Saturday, March 21, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]