by Chathuranga Rajapaksha 21-03-2020 | 1:55 PM
COLOMBO (News 1st) - කොරෝනා වෛරසයේ අවදානම් තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජනතාව දැනුවත් කරනු ලැබ තිබේ.
ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ් රොස් ඇඩ්නම් මහතා විසිනි.
එහිදී ඔහු සඳහන් කරනු ලැබුවේ, කොරෝනා වෛරසය ආසාදිත වුවහොත් දුම්පානය කරන්නන්ට එහි බලපෑම වැඩි බව ය.
මධ්‍යසාර භාවිතය සහ පැණි බීම භාවිතය අඩු කළ යුතු බව ද ඔහු ලෝක ප්‍රජාවට දැනුම් දී තිබේ.
ඊට අමතරව රෝගය වැළඳුණු රෝගීන්ට දිනකට වරක්වත් ශාරීරික අභ්‍යාස ලබා දිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
මෙය රටකින් රටකට නොව සෑම පුද්ගලයෙකුටම ලබාදෙන උපදෙසක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
''අපි රටින් රටට විතරක් නෙමෙයි. සෑම පුද්ගලයෙකුට ම මේ උපදෙස් ලබා දෙනවා, විශේෂයෙන්ම මේ අ ම මේ අලුත් යථාර්ථයට හැඩ ගැහෙන හැටි. අපි දන්නවා ගොඩක් අයගේ ජීවිත වෙනස් වෙනවා මේ තත්ත්වය නිසා, කායික හා මානසික සෞඛ්‍ය ආරක්ෂා කරන්නත් අපි කටයුතු කරන්න ඕනේ. සෞඛ්‍ය සම්බන්ධ ආහාර ගන්න, මධ්‍යසාර භාවිතය සහ පැණි බීම භාවිතය අඩු කරන්න ඕනේ. දුම් පානය කරන්න එපා. Covid19 ආසාදිත වුනොත් දුම්පානය කරන අයට එහි බලපෑම වැඩියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරනවා වැඩිහිටියන්ට දවසට විනාඩි 30ක් හා කුඩා ළමුන්ට පැයක් පමණ ශාරීරික අභ්‍යාසයේ නිරත වෙන්න කියලා. නිවසේ සිට වැඩ කරනවා නම් එකම ඉරියව්වක ඉන්න එපා. ඔබට අවශ්‍ය තොරතුරු විශ්වාසදායී මූලාශ්‍ර වලින් පමණක් සපයාගන්න''