by Staff writer 21-03-2020 | 10:07 PM
COLOMBO (News 1st) : යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක පසුගියදා දේව මෙහෙයකට එක්වූ විදේශීය දේවගැතිවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව එදිනම යළි පිටව ගිය ඔහු මේ වන විට ස්විට්සර්ලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබන බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ කේඩීෂ්වරන් මහතා සඳහන් කළේ ය.
පසුගිය මාර්තු 15 වනදා මෙම දේව මෙහෙය සිදුකරනු ලැබූ දේවස්ථානය ආශ්‍රිත ප්‍රදේශ ආරක්ෂක හා සෞඛ්‍ය අංශවල නිරීක්ෂණයට ලක්විය.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. කේඩීෂ්වරන් මහතා පැවසුවේ, මෙම මෙහෙයට සහභාගී වූ දෙදෙනෙකු රෝගී ලක්ෂණ සමග යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ, අදාළ දේව මෙහෙයට සහභාගී වූ සියලු දෙනා හදිසි දුරකතන අංකය (021 - 22 17 27 8) හා සම්බන්ධ වී නම සහ ලිපියන ලියපාදිංචි කරගන්නා ලෙසයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද සිය කණ්ඩායම අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/646012239308297/