පොලිස් ඇඳිරි නීතිය කඩකළ 8 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 21-03-2020 | 8:10 AM

COLOMBO (News 1st): බණ්ඩාරවෙල, මහඋල්පත ප්‍රදේශයේදී පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 8 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ ඊයේ රාත්‍රියේ සාදයක් පවත්වමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.