කොළඹ, ගම්පහ සහ පුත්තලමේ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 3ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ: සෙසු දිස්ත්‍රික්කවලට 23 දහවල් සිට යළි ත් ඇඳිරි නීතිය

by Sagarika Chathumali 21-03-2020 | 6:17 PM
COLOMBO (News 1st) : කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එදිනම එනම්, 24 අඟහරුවාදා දහවල් 2.00ට එම දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවන බවයි. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 23 උදෑසන 6.00 ඉවත් කර නැවත දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක වනු ඇති. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.... https://www.facebook.com/NewsfirstSL/videos/494825467860824/