by Chathuranga Rajapaksha 21-03-2020 | 2:44 PM
COLOMBO (News 1st) - කොරෝනා වෛරසය මැඩලීමට අදාළ ප්‍රතිකාර සේවා ශක්තිමක් කිරීම සඳහා රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කරනු ලැබ තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය, ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ මෙරට තුළ රෝහල්වල කොරෝනා වෛරස තත්ත්වයන් සඳහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට අදාළ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මිය ඊයේ සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත භාර දුන් බවයි.