කොටුව දුම්රිය ස්ථානය සහ  වරාය විෂබීජහරණය කෙරේ

කොටුව දුම්රිය ස්ථානය සහ වරාය ප්‍රධාන දොරටු ආශ්‍රිත ප්‍රදේශයන් නාවික හමුදාවෙන් විෂබීජහරණය කෙරේ

by Staff writer 21-03-2020 | 9:02 AM

COLOMBO (News 1st ) - කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට අතුළුවන ප්‍රධාන දොරටු ආශ්‍රිත ප්‍රදේශයන් නාවික හමුදාව විසින් ඊයේ විෂබීජහරණයට ලක් කරනු ලැබිණි.

නාවික හමුදාව පැවසුවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික, හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මහජනතාව බහුලව ගැවසෙන ‍කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඊයේ විෂබීජහරණයට ලක්කළ බවයි. එසේම වරාය පරිශ්‍රයට අතුළුවන දොරටු ප්‍රදේශයන් ආශ්‍රිතව ද නාවික හමුදාව විසින් විෂබීජහරණ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිණි. නාවික හමුදාව පැවසුවේ මෙවැනි ජනාකීර්ණ ස්ථානයන්හි වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටින බව ය.