by Staff writer 21-03-2020 | 3:46 PM
COLOMBO (News 1st) : පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 68 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, බණ්ඩාවෙල, හපුතලේ, දඹුල්ල, වලස්මුල්ල, නල්ලතන්නිය, අම්පාර, උහන, බණ්ඩාරගම, අක්මීමන, කරුවලගස්වැව ඇතුළු ප්‍රදේශ රැසකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඊයේ පස්වරු 6 ට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අනිද්දා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වේ.
පොලිස් ඇඳිරි නීතිය කාලය තුළ දැඩිව නීතිය ක්‍රියාත්මක වන බව රජය පවසයි.