අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු මරුට

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්: රැඳවියෙකු මරුට

by Chathuranga Rajapaksha 21-03-2020 | 8:50 PM

COLOMBO (News 1st): අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකින් රැඳවියෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවය. අද පස්වරුවේ බන්ධනාගාරය තුළ රැඳවියන් විරෝධතාවක නිරතව තිබේ. එම අවස්ථාවේ පලායාමට උත්සාහ කර ඇති රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය ප්‍රකාශ කළේ, සිද්ධියෙන් කිසිවෙකු පැනගොස් නොමැති බවය. කළහකාරී රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීමට අනුරාධපුර පොලිසියේ නිලධාරීන්, කැරළි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි ද පොලීසිය පවසයි.