පොලීසියෙන් යළි ත් දැනුම්දීමක්

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට පොලීසියෙන් යළි දැනුම්දීමක්

by Staff writer 20-03-2020 | 9:01 AM
COLOMBO (News 1st) : පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක මෙම කාල සීමාවේ නිවෙස් තුළට වී සිටින්නැයි පොලීසිය අදාළ ප්‍රදේශවල ජනතාවට යළි දැනුම් දීසිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ , ඊයේ රාත්‍රි 10 සිට ජා-ඇල හා වත්තල පොලිස් බල ප්‍රදේශවලට පැනවු පොලිස් ඇඳිරී නීතිය තවදුරටත් ක්‍රියාත්මක බවයි. මීට අමතරව පුත්තලම කොට්ඨාසයේ පොලිස් වසම් 11 කට , හලාවත කොට්ඨාසයේ පොලිස් වසම් 7 කට සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඊයේ පස්වරු 2 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.