by Chathuranga Rajapaksha 20-03-2020 | 5:09 PM
COLOMBO (News 1st): පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක අවස්ථාවල එය කඩ කරමින් කටයුතු කළ දැරියන් තුන්දෙනෙකු , කාන්තාවන් තුන්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, පුත්තලමේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම බලා පිටත්වයාමට සුදානමින් සිටියදී බත්තලන්ගුන්ඩුව ප්රදේශයේදී මොවුන් සිය භාරයට ගත් බව ය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය සහ හලාවත ප්රදේශවල පදිංචිකරුවන් පිරිසකි.