by Staff writer 20-03-2020 | 8:54 PM
COLOMBO (News 1st): නිරෝධායන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
පිරිස් එක් රැස් නොවන ලෙස නියෝග කර තිබිය දී පාපැදි තරගයක් පැවැත්වීම හේතුවෙන් මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.