ඇඳිරි නීතිය තුළ නීති කඩන පුද්ගලයින්ට දැඩි පියවර

ඇඳිරි නීති කාලය තුළ නීති කඩන පුද්ගලයින්ට දැඩි පියවර

by Staff writer 20-03-2020 | 7:54 PM
අද පස්වරු 6.00 සිට සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම කාලය තුළ නීති විරෝධීව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇඳිරි නීති කාලය තුල අපි ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.විශේෂයෙන්ම මාර්ගයේ ගමන් කරන එක විතරක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නනේ. නිවසේ ඉන්න හැම අවස්ථාවකම නිවෙස් වල වැසියන් එකිනෙකා හමු නොවී සිටිය යුතුයි. තමන්ගේ නිවස තුළම සිටිය යුතුයි. ඒ වගේම යම් නිරෝධායන ක්‍රියාවලියකට ලක්වෙන්න කියලා උපදෙස් දීලා තියෙන අය ඉන්නවනම් ඒ අය තමුන්ගේ නිවසේ අනිත් සාමාජිකයන්ගෙන් වෙන් වී සිටිය යුතුයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. නිරෝධායන නීතීන්වලට පටහැනිව කටයුතු කරන අයට එරහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇදිරි නීතිය තිබුණා කියලා ගම්වල එකතු වෙන්න යන්න එපා. යාබද නිවෙස් වල අය එකතු වෙන්න එපා. සැමවිටම හුදෙකලාව ජීවත් වෙන්න උත්සහ කරන්න.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ශ්‍රී ලංකා පොලීසිය සියලුම මහජනතාවට දැනුම් දෙන්නේ හැකිතාක් දුරට තම නිවසේම රැදී සිටින ලෙසට.කෙසේ වෙතත් හදිසි හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් කර නොගන්නා ලෙස දැනුම් දෙන අතරම අත්‍යවශ්‍ය සේවා සහ මාධ්‍ය සඳහා තම සේවා බලපත්‍රය ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකියි. එමෙන්ම තම නිවාස වලින් බැහැරව සිටින සෑම කෙනෙක්ගෙන්ම අපි ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් තරයේ පිලිපදින ලෙසයි.
  https://www.facebook.com/NewsfirstSL/videos/234110527671183/