by Staff writer 20-03-2020 | 5:43 PM
COLOMBO (News 1st): මෙරටින් වාර්තාවන කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ය.
එම සංඛ්‍යාව 18කි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 17 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12 ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වේ.
කුරුණැගල සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව් දෙනෙකු බැගින් වාර්තා වී තිබේ.
රත්නපුරයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3කි.
ඊට අමතරව ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව, බදුල්ල, යන දිස්ත්‍රික්කවලින් කොරොනා ආසාදිතයින් වාර්තා වේ.
මෙරටින් වාර්තා වී ඇති කොරොනා ආසාදිත විදේශිකයින් සංඛ්‍යාව 3කි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ, විශේෂ වෛද්‍ය කණ්ඩායමක අධීක්ෂණය යටතේ ඔවුන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරෙන බව ය.