JUST IN :කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයයි

JUST IN : අලුතින් තවත් කොරෝනා ආසාදිතයින් 4ක් වාර්තා වෙයි 

by Sagarika Chathumali 19-03-2020 | 3:58 PM
COLOMBO (News 1st) : අද දිනයේදී  (19)  අලුතින් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇතැයි,  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  අනිල් ජාසිංහ මහතා පවසයි.  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ, කෝවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි. එලෙස වාර්තා වී ඇති  ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය වන අතර  අනෙක් දෙදෙනා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙකි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ යනු ඇති.