දැරියක් අපයෝජනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට

by Staff writer 19-03-2020 | 9:23 PM

COLOMBO (  News 1st ) -  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝවට අදාළ 36 හැවිරිදි සැකකරු ආඬිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ දැරියක් අපයෝජනයට ලක් කරන ආන්දෝලනාත්මක වීඩියෝ පටයට අදාළ සැකකරු අද අත්අඩංගුවට  ගෙන ඇත. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යා පර්යේෂණ අංශයේ නිලධාරීන් කළ පරීක්ෂණවලදී ය. ආඩිඅම්බලමේ පදිංචි 36 හැවිරිදි සැකකරුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ලබාගත් තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය සඳහන් කළේ ය.