කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යළි ඇරඹේ

දින හතරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යළි ඇරඹේ

by Staff writer 19-03-2020 | 8:33 AM

COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අද යළි විවෘත කෙරේ.

ඒ, දින හතරකට පසුවයි. සමස්ත මිල දර්ශක අගයන් පහළ යාම හේතුවෙන් පසුගිය සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමුණි. දින හතරක කාලයක් ගනුදෙනු නතර කිරීමෙන් වූ පාඩුව අද කොටස් වෙළෙඳපොළ ආරම්භ වීමෙන් පසු ගණනය කළ හැකි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.