by Staff writer 19-03-2020 | 7:24 PM
COLOMBO ( News 1st ) - කොරෝනා මර්දනය සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ, කොරෝනා ව්‍යාප්තියත් සමග ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම අවම කිරීම සඳහා ප්‍රතිපාදන සැපයීමට ජනාධිපතිතුමා ගත් තීරණයට අනුව ය.
ඊට අමතරව හිඟ ඖෂධ බිල්පත් ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් මුදාහැරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ අතර, පොහොර ප්‍රසම්පාදන බිල්පත් නිරවුල් කිරීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 3 කි.
කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් බිලියන 5 ක් මුදාහැරීමට නියමිත ය.
වසර 02 ක් පුරා ගෙවා නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවලට අදාළ පොලිය ගෙවීමට රුපියල් බිලියන 46 ක් වෙන් කෙරෙනු ඇති.
ඊට අමතරව මහ මැතිවරණයට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රුපියල් බිලියන 8 ක් වෙන් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.
මේ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති සංචාරක, නිමි ඇඳුම් සහ වෙළෙඳ යන කේෂත්‍රවල ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා සහන ලබාදීමට රජය තීරණය කර තිබේ.
වසරක් යනතුරු ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇතැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.