by Staff writer 19-03-2020 | 7:47 AM
COLOMBO (News 1st) - පරිප්පු හා සැමන් පාලන මිලට අළෙවි කිරීමේදී ආනයනකරුවන්ට සිදුවන පාඩුව පියවීමට රජය තීරණය කර තිබේ.
ඒ, ජනාධිපති ලේකම්වරයා සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.
ඒ අනුව ආනයනකරුවන්ට සිදුවන පාඩුව සති පතා පියවීමට එහිදී එකඟතාවකට පැමිණ ඇත.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදී පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65.00 ක සහ සැමන් ටින් එකක් සඳහා රුපියල් 100.00 ක පාලන මිලක් පනවනු ලැබුවේ ය.