සජිත් ප්‍රේමදාස නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

by Staff writer 18-03-2020 | 6:19 PM

COLOMBO ( News 1st )  - සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ ය.

කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස ඔහු නාම යෝජනා පත්‍රයට අත්සන් කරනු ලැබුවේ සමගි ජන බලවේග කාර්යාලයේදී ය. මේ අතර එස්.එම්. මරික්කාර් හා පාඨලී චම්පික රණවක අද පස්වරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කළේ ය. අද පෙරවරුවේ පක්ෂයේ දිස්ත්‍රික් අපේක්ෂකයින් කිහිපදෙනක් නාම යෝජනා අත්සන් කළේ ඇතුළ් කෝට්ටේ පිහිටි පක්ෂ මුලස්ථානයේදී ය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමගි ජන බලවේගයෙන් නාම යෝජනා අත්සන් කරනු ලැබුවේ, සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ය. මේ අතර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ද අද පෙරවරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ නාම යෝජනා සඳහා අත්සන් තැබුවේ ය.