by Staff writer 18-03-2020 | 7:35 PM
COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව අතර අමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුමකට අද අත්සන් තැබුණි.
අරලියගහ මන්දිරයේදී මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැන්ග් වෙයි මහතා ගිවිසුමට අත්සන් තැබු අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය.
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ, මෙම ණය පහසුකම රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ලබා දී ඇති බවයි.
සහන පොළී අනුපාත යටතේ වසර 10ක් දක්වා වන කාලයක්දී ගෙවීමේ පහසුකම මත මෙම ණය පහසුකම ලබා ධී ඇති බව ද නිවේදනයේ සඳහන් ය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම මූල්‍ය පහසුකමට අදාළ අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල ලබන සතිය ආරම්භයේදී ලබා ගැනීමට නියමිත බව යි.