by Staff writer 18-03-2020 | 9:17 PM
COLOMBO ( News 1st ) - කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගිනිකොණ දිග ආසියානු රටවල්වලට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඒ, එම කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ තවදුරටත් එහි ව්‍යාප්තිය වැළැක්වීමට හැකි සියලු පියවර ගත යුතු බව දන්වමින් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිනිකොණ දිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය පූනම් කේත්‍රපාල් සිං සඳහන් කළේ, වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන ආකාරය පිළිබඳව තවදුරටත් තොරතුරු අධ්‍යයනය කරන බවයි.
ලෝක ජනගහණයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් වාසය කරන්නේ ගිනිකොණ දිග ආසියානු කලාපයේ රටවල් 11 න් අටකින්ම මේ වනවිට ආසාදිතයන් පිළිබඳව වාර්තා වී තිබේ.