by Staff writer 18-03-2020 | 10:30 PM
COLOMBO ( News 1st ) - අද සිට ක්‍රියාත්මකවන පරිදි ලොකු ළූණූ කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මීට පෙර ලොකු ළූණූ කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල පැවතියේ රුපියල් 190 ක් ලෙසයි.
මේ අතර අද රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 187.23ක් ලෙස ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.