විදේශිකයින්ගේ Visa කාලය දින 30 කින් දීර්ඝ කෙරේ

මෙරට සිටින විදේශිකයින්ගේ Visa කාලය දින 30 කින් දීර්ඝ කෙරේ

by Staff writer 18-03-2020 | 7:27 AM

COLOMBO (News 1st) - මෙරටට පැමිණ සිටින විදේශිකයින්ට නිකුත් කළ සියලු වීසාවල වලංගු කාලය පසුගිය 14 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දින 30 කින් දීර්ඝ කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වීසා දීර්ඝ කිරීම්වලට අදාළ ගාස්තු ගෙවා තම විදේශ ගමන් බලපත්‍රයේ පිටසන් කිරීමට ලබන මස 08 හා 09 දිනවල එක් දිනක පමණක් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට පැමිණිය යුතු බවයි. එම දිනයට පෙර අදාළ විදේශිකයා රටින් පිටවීමට අදහස් කරන්නේ නම් වීසා දීර්ඝ කිරීමට අදාළ ගාස්තු ගුවන්තොටුපොළේදී ගෙවිය හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය. එහිදී දඩ මුදල් අය නොකරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වීසාවල වලංගු කාලය දීර්ඝ කිරීමට අදාළ මාධ්‍ය නිවේදනය