බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්

by Staff writer 18-03-2020 | 11:05 AM

COLOMBO (News 1st) - බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම නිරෝධායන මධ්‍යස්ථානය ක්‍රියාත්මක බවයි. මහල් හතරකින් යුත් එම ගොඩනැගිල්ලේ රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 136 කි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ පුහුණුව සිය සාමාජිකයින්ට ලබාදී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.