දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනසක්

නොනිදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනසක්

by Staff writer 18-03-2020 | 1:36 AM

COLOMBO (News 1st) - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ හිටපු මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඊයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව හමුවිය.

එහිදී කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. එහිදී තීරණය කෙරුණේ ආර්ථික මධ්‍යස්ථානය රාත්‍රි 10 වන විට වසාදමා පසුදා උදෑසන 6 ට විවෘත කිරීමටයි. ඒ කාලය තුළදී ආර්ථික මධ්‍යස්ථානය පිරිසිදුකිරීමේ කටයුතු කිරීමට තීරණය කෙරුණි. දඹුල්ල මහනරග සභාවට අයත් ශ්‍රවනාගාරයේදී ඔවුන් විසින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරනු ලැබිණි .