පැමිණෙන මගී ගුවන් යානාවල මෙහෙයුම් නවත්වයි

දිවයිනේ සියලු ජාත්‍යන්තර ගුවන්තොටුපොළහී පැමිණෙන මගී යානාවල මෙහෙයුම් තාවකාලිකව නවතයි

by Staff writer 18-03-2020 | 12:14 PM

COLOMBO (News 1st) - හෙට (19) අලුයම 4.00 සිට ලබන 25 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා දිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සියල්ලම දිවයිනට පැමිණෙන මගී ගුවන් යානා මෙහෙයුම් සඳහා වසා දමන බව රජය නිවේදනය කර තිබේ.

ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණිනි.