කොරෝනා මර්දනය ගැන ජනපති කතා කරයි

මුළු රටම නිරෝධායනය කළ යුතු තත්ත්වයකට අපි තවම පැමිණ නැහැ - ජනපති

by Chathuranga Rajapaksha 17-03-2020 | 3:52 PM

COLOMBO (News 1st) - මුළු රටම නිරෝධායනය කළ යුතු තත්ත්වයකට අපි තවම පැමිණ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. තමන් මේ පිළිබඳව සෑහෙන දුරට කල්පනා කළ බවත් හමුදාව සමග සාකච්ඡා කළ බව ද ජනාධිපතිතුමා පැවසීය. සියලුදෙනාම රටට ඇතුළුවීම නැවැත්වීම තුළින් කොරෝනා වෛරසය පාලනය කළ හැකි බවත් අද එම තීන්දුව ගත් බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය. ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණ නිරෝධායනයට ලක් කිරීමට නොහැකි වූ පුද්ගලයින් සොයාගොස් ඔවුන්ව නිරෝධායනය කළ යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නවත්වන්නැති තමා උපදෙස් ලබාදුන් නමුත් එය නොතකා ඔවුන් තරගය පැවැත්වූ බව ජනාධිපතිතුමා එහිදී අනාවරණය කළේය. පුද්ලගයින් සමාජ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසා කොරෝනා ව්‍යාප්තිය සිදුව ඇති බව ත් පුද්ගල නිරෝධායනය තුළින් මෙය පාලනය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.