වැලිකන්දේ සභාපති ඇතුළු මන්ත්‍රීන් 3ක් අත්අඩංගුවට

පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂවරයාට බැණ වැඳුණු වැලිකන්දේ සභාපති අත්අඩංගුවට

by Staff writer 17-03-2020 | 8:51 PM
COLOMBO (News 1st) : වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂවරයාට බැණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් එලෙස අත්අඩංගුවට ගත් බවයි. පොළොන්නරුව රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරිමට විරෝධය පළ කරමින් එම තර්ජනය කිරිම් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන් අතර වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද වේ. සැකකරුවන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප මත මුදා හැරිණ.