ජනපති නියමයෙන් ජනතාවට සහන

ජනපති නියමයෙන් ජනතාවට සහන

by Staff writer 17-03-2020 | 9:33 PM
COLOMBO (News 1st) : මොන යම් හෝ හේතුවක් මත රජය අකර්මන්‍ය වීමට ඉඩ නොතබන බව ත් දුරදිග නොබලා කටයුතු නොකළ හොත් ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල විය හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. කොරෝනා වෛරසය පැතිරයාමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා කළ යුුතු දේ පිළිබඳව දැනටමත් හඳුනා ගෙන ඇති බවත් ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධක බලකායට පවරා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය. අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු 1 kg රු.65 කට අලෙවි කරන ලෙස ත්  සැමන් ටින් එකක් රු.100 කට අලෙවි කිරීමට කටයුතු කරන ලෙසටත් ජනාධිපතිවරයා එහිදී නියෝග කළේ ය. මීට අමතරව බැංකු හා මූල්‍ය ආයතන ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට නියෝග කළ ජනාධිපතිවරයා වැඩිදුරටත්  පැවසුවේ, බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4%ක පොලියට ලබා දීමට කටයුතු කරන බවයි. මීට පෙර  අප අභියෝගවලට මුහුණදී ජයගෙන ඇති බව සිහිපත් කළ ජනාධිපතිවරයා  ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ එකමුතුව වගකීමෙන් කටයුතු කරන ලෙසයි. https://www.youtube.com/watch?v=Lzh3w4INBWs