කොරෝනා රෝගීන් ගණන 34 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 34 දක්වා ඉහළට

by Staff writer 17-03-2020 | 5:04 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තව ත් රෝගීන් 6 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

ඇය මේ බව පැවසූවේ, මේ වනවිට පැවැත්වෙන Covid - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය. ඒ අනුව මාධ්‍ය හමුවේදී අනාවරණය වූ එම රෝගීන්ගේ තොරතුරු මෙසේය, 1. කොරෝනා වෛරසය ආසාදිත බවට දෙවනියට හමුවුණු සංචාරක මගපෙන්වන්නාගේ බිරිඳ. 2. ජර්මනියේ සංචාරය කළ පුද්ගලයෙක්. 3. එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙක්. 4. කැලණිය ප්‍රදේශයේ අයෙ‍ක්. 5. මාරවිල ප්‍රදේශයේ අයෙක්. 6. කටාර් රාජ්‍යයේ සිට පැමිණි උඩුගම්පොළ ප්‍රදේශයේ වයස අවුරුදු 25 ක තරුණයෙක්. ඒ අනුව රෝගීන් ගණන 34 දක්වා ඉහළ ගොස් ඇති බව Covid - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අතර රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 16කදී පුද්ගලයින් 2258 දෙනෙකු නිරෝධායනය කරන බව Covid - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.