ද:අප්‍රිකාවේ ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ද: අප්‍රිකාවේ සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවයි

by Staff writer 17-03-2020 | 7:17 AM

News 1st - නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවීමට එරට ක්‍රීඩා බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය ඉරිදා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා නව කොරෝනා වෛරසය එරට ජාතික ආපදාවක් ලෙස නම් කරනු ලැබුවේ ය. මේ හේතුවෙන් සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සහ දකුණු අප්‍රිකානු පාපන්දු සම්මේලනය තීරණය කළේ ය. ඒ අනුව, දකුණු අප්‍රිකාව තුළ එම තරග ඉසවු දින 60 ක කාලයක් සඳහා නොපැවැත්වේ . මේ අතර පසුගිය සතියේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටවනු ලැබුවේ ය. මොරොක්කෝව සහ ඝානාව ද එම රටවල සියලුම ක්‍රීඩා ඉසව් අත්හිටුවීමට මින් පෙර කටයුතු කළේ ය.