කොරෝනා මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයට ප්‍රධානියෙක්

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස යුද හමුදාපති පත් කෙරේ

by Staff writer 17-03-2020 | 3:11 PM

COLOMBO (News 1st) - වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව 1090 ශ්‍රී ජයවර්ධනපුර රාජගිරිය ලිපිනයේ ස්ථාපති කර ඇති කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර ඇති බවයි. මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත්තේ, සෞඛ්‍ය හා අනෙකුත් සේවාවන්හි සම්බන්ධීකරණය හා නිවාරණ සහ කළමනාකරණය කිරීමේ අරමුනින් යුක්තවයි. මධ්‍යස්ථානය යටතට ගැණෙන සේවා සම්බන්ධිකරණයට සේවා අවශ්‍යතා ප්‍රමුඛතාව මත සියලුම නිලධාරීන් සහභාගි කර ගන්නා අතර ඒ සඳහා ඔවුන් සෑම විටම සූදානමින් සිටිය යුතු බව රජය දැනුම් දෙනු ඇත.