අද දුන් නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැහැ

Covid19 : අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැහැ - බන්දුල ගුණවර්ධන

by Staff writer 16-03-2020 | 3:23 PM

COLOMBO (News 1st) - අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැතැයි සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රජයේ ආයතන හා පොදු ස්ථානවල විෂබීජ හරණය කිරීම හේතුවෙන් රජය විසින් අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරණු ලැබිණි.