ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු නිලධාරියෙකුටත් කොරෝනා

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු නිලධාරියෙකුටත් කොරෝනා වැළඳෙයි

by Staff writer 16-03-2020 | 8:35 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු නිලධාරියෙකුට (First Officer) කොරෝනා වැළඳී ඇතැයි තහවුරුවී තිබේ.

ඒ හේතුවෙන් ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ස්වයං නිරෝධායනයට ලක්වන්නැයි දැනුම්දී ඇත. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා බවට තහවුරු වූ රෝගීන් 28 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.