දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ඇණහිටී

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ඇණහිටී

by Staff writer 16-03-2020 | 8:06 PM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පොල්පිටියේ සිට කොළොන්නාවට විදුලිය රැගෙන එන කිලෝවෝට් 132 ක සම්ප්‍රේෂණ පද්ධතිය විසන්ධි වීමක් සිදු ව ඇති බවයි. ඒ අනුව හම්බන්තොට, මාතර, ගාල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබේ.