කොරෝනා ආසාදිතයින් ගණන 28 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 28 ක් දක්වා ඉහළට

by Staff writer 16-03-2020 | 8:22 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් රෝගීන් 6 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඔවුන් සියලුමදෙනා පිරිමි පුද්ගලයන් වන අතර එක් අයකු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා කෙරේලයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. ඒ අනුව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ වසංගත විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, එම රෝගීන් අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයේ (IDH) සහ දිවයිනේ තව ත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි.