Covid19: අධිකරණ සේවා කොමිසමෙන් දැනුම්දීමක්

ඉදිරි දින 04 තුළ කැඳවීමට නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවන්නේ නැහැ - අධිකරණ සේවා කොමිසම

by Staff writer 16-03-2020 | 6:44 PM

COLOMBO (News 1st) - ඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම පවසයි.

අධිකරණ සේවා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ සිසර ද ආබෲ යන විනිසුරුවරුන් හමුවී අද පස්වරුවේ ගත් තීරණයකට අනුවය. එම නඩු කැඳවීමේ දිනයන් අප්‍රේල් මස පළමු සතිය තුළ ඒ, ඒ අධිකරණවල රෙජිස්ටාර්වරුන් විසින් නිවේදනය කරනු ඇති බව ද අධිකරණ සේවා කොමිසම සඳහන් කළේ ය. මේ අතර ඉදිරි දින 04 තුළ නඩු කැඳවීම් සිදුවන්නේ නම් ඒවා පාර්ශවකරුවන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාව මත පමණක් සිදු කිරීමට පියවර ගන්නා බව ද එම කොමිසම වැඩිදුරටත් පැවසීය.