ඉතාලියෙන් පැමිණ නිරෝධායනය නොවූ පුද්ගලයෙක්

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට සහභාගි නොවූ පුද්ගලයෙක් පරික්ෂා කෙරේ

by Staff writer 16-03-2020 | 10:45 PM

COLOMBO (News 1st): ඉතාලියේ සිට මෙරට පැමිණ කිසිදු නිරෝධායන කටයුත්තක් සඳහා සහභාගි නොවූ පුද්ගලයෙකු හැටන් පොලිස් නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරික්ෂාවට ලක්විය.

අදාළ පුද්ගලයා පසුගිය 03 වැනිදා ඉතාලියේ සිට පැමිණ සිටි අතර ඔහු කිසිදු නිරෝධායන කටයුත්තක් සඳහා සහභාගී වී නැති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණි. සිදු කළ ප්‍රශ්නකිරීම් වලින් සහ පරික්ෂා කිරීමෙන් පසු තවදුරටත් නිවසේ ස්වයං නිරෝධයනයක නිරතවන ලෙසට හැටන් පොලිස් නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් ඔහුට උපදෙස් දී තිබේ.