Covid-19 විමසීම්,තොරතුරු දැනුම් දීමට දුරකථන අංකයක්

Covid -19 අවශ්‍ය විමසීම් හා තොරතුරු දැනුම් දීමට හදිසි දුරකථන අංකයක්

by Staff writer 15-03-2020 | 6:51 PM

COLOMBO ( News 1st ) -කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාවට අවශ්‍ය විමසීම් හා තොරතුරු දැනුම් දීමට 117 යන හදිසි දුරකතන අංකයක්  ක්‍රියාත්මක බව ජනාධිපති කාර්ය බලකාය ඒකකය නිවේදනය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම දුරකතන අංකය අද රාත්‍රී 8.00 න් පසුව විවෘතව පවතින බවයි.